85 වන අන්තර් කොට්ඨාස පොලිස් මලල ක්‍රීඩා උළෙල අද (25) දින සිට27 වන දින දක්වා බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සමාරම්භක උත්සවය අද පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ක්‍රීඩාවේ විනය නායකත්වය පොලිස් නිලධාරීන්ට එකතු කරමින් දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 69ක් නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 6000කට ආසන්න පිරිසක් මලල ක්‍රීඩා ඉසව් 30කට වැඩි සංඛ්‍යාවක් යටතේ මෙහිදී තරඟ වැදීමට නියමිත පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළල ඔලිම්පික් පහන දැල්වීමෙන් අනතුරුව ක්‍රීඩා උත්සවයේ ප්‍රතිඥාව ද අතැතිව ආරම්භ විය.
සමාරම්භක දිනයේදී පිරිමි සහ කාන්තා මැරතන් තරගාවලිය පැවැත්වූ අතර පිරිමි මැරතන් තරගාවලියේ ප්‍රථම ස්ථානය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල් D.G.M.K ආරියරත්න , දෙවන ස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් A.N.G.C.B අබේකොන් , තෙවන ස්ථානය කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් සැරයන් අමිල සනත් යන අය දිනාගනු ලැබූහ.
එහි කාන්තා මැරතන් තරගාවලියේ ප්‍රථම ස්ථානය කුලියාපිටිය කොට්ඨාසයේ කාන්තා පොලිස් කොස්තාපල් I.H.P.D සෙව්වන්දි, දෙවන ස්ථානය ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලයේ කාන්තා පොලිස් කොස්තාපල් වික්‍රමසිංහ, තෙවන ස්ථානය ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලයේ තරංග ප්‍රියන්ත යන අය දිනාගනු ලැබුණු අතර අද දිනයේ ක්‍රීඩා රැසක් පැවැත්වීමට නියමිතව ඇත.
වසර 85කට අධික ක්‍රීඩා ඉතිහාසයකට හිමිකම් කියන මෙම පොලිස් මලල ක්‍රීඩා උළෙල, ශාරීරික යෝග්‍යතාවය, විනය සහ එකමුතුකම වර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය තුළ ක්‍රීඩා කුසලතා ඔංප්නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.















