යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක් ගැටී 21 හැවිරිදි පැදිකරු ජීවිතක්‍ෂයට

මොරටුව පොලිස් වසමේ මොරටුව ලුනාව මුහුදුබඩ මාර්ගයේ ලුනාව ප්‍රදේශයේදී 2026.09.26 දින දහවල් මොරටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ලුනාව හතරමං හන්දියෙන් යූ හැඩයට හැරවීමට යාමේදී මොරටුව දෙසට ධාවන වූ යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ලුනාව රෝහලට ඇතුලත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 21 ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website