මාර්ග හරහා මාරු වෙමින් සිටි කාන්තාව යතුරුපැදියට බිළිවෙයි

අනුරාධපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ 02 කණුව ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදුවූ රිය අනතුරකින් 62 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය පවසයි.

පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව සහ යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පදික කාන්තාව මියගොස් ඇති බව ද පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website