ජාතික පොලිස් කොමිෂමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගය පරිදි කළුතර දිස්ත්‍රික්කය භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරු කර යවා ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරු කර ඇත.
යාපනයේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරු කර ඇති අතර අපරාධ විමර්ශන අංශය (CCID) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුභසාධන අංශයට මාරු කර තිබේ.
පොලිස් සුභසාධන අංශයේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන අංශයට මාරු කර යවා ඇති අතර නියෝජ්‍ය පොලිස්පති එච්.කේ.ආර්. ප්‍රනාන්දු මහතා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) සිට විශේෂ කාර්යාංශ පරාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කිරීම සඳහා මාරු කර ඇත.















