ඊයේ (21) පස්වරුවේ බොරැල්ල පොලිස් වසමේ කනත්ත වටරවුම ආසන්නයේ, රේමන්ඩ් මල් ශාලාව අසල පදික මාරුවේදී සිදුවූ බව කියන බහින්බස් වීමක් සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා වූ සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී පදිකයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී, රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට පැමිණි රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නවතා ඇත. එහිදී රියදුරු විසින් නළාව නාද කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු පහරදීමක් සිදුවූ බවට මාලබේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් බොරුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් AI (කෘතිම බුද්ධි) තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර ඇති බවටද තොරතුරු වාර්තා වේ.
පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධියට අදාළ 37 හැවිරිදි සැකකරු 2026.11.21 අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරු පැදවූ ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (2026.11.22) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















