හාලිඇල බදුලු ඔයේ ඇනිකට් එකක් අසලින් දියනෑම දියට පැන්න 21 හැවිරිදි තරුණයෙක් අතුරුදහන්

හාලිඇල පොලිස් වසමේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ බදුලු ඔයේ පාලම අසල කැඩී ගිය වාන් දොරටුවක් (ඇනිකට්) අසල දිය නෑමට ගිය 21 හැවිරිදි තරුණයෙක් දියට පැනීමෙන් පසු අතුරුදහන් වී ඇත.

අතුරුදහන් වූ තරුණයා දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හාලිඇල පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන පණිවුඩයකට අනුව මූලික තොරතුරු වාර්තා වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website