2026 රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය ශ්‍රී ලංකා පොලිසියට

පසුගිය 19 සහ 20 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාන්ගනයේදී පැවැත්වුනු රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 938 ක් ලබාගත් ශ්‍රී ලංකා පොලිසියට හිමිවිය.

පොලිසියේ ක්‍රීඩික ක්‍රීඩාවන් රාජ්‍ය අයතන 77ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 1100 ක් සමඟ අති දක්ෂ ලෙස තරඟ ඉසව් සඳහා තරඟවැදී මුල් පෙළ ජයග්‍රහණ රැසකට හිමිකම් කියමින් සමස්ථ ශූරතාවය සඳහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය පහසුවෙන් රැස් කර ගැනීමට සමත්විය.

තරඟාවලියේ විශිෂ්ඨම මළල ක්‍රීඩිකාවට හිමි කුසලානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුත්කව රාජකාරි නියුතු කාන්තා පොලිස් සැරයන් 7809 බී.ජී.සචිත්‍රා හර්ෂණී ජයකාන්ත නිලධාරිනිය හිමිකරගනිමින් ඇය ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් දක්ෂතම මළල ක්‍රීඩාව බව නැවතත් තහවුරු කරන ලදී.

විශිෂ්ඨම මළල ක්‍රීඩකයා ලෙස කැලණිය කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් 90433 ටි.ජි.එස් විජේතුංග නිලධාරියා කුසලානය හා සහතිකපත්‍රය ලබාගත්තේය.

විශිෂ්ඨම නවක මළල ක්‍රීඩකයා ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 90661 ඩි.ඒ.එම්.එස් බාලසූරිය නිලධාරියාත් තරඟාවලියේ විශිෂ්ඨම නවක මළල ක්‍රීඩිකාව ලෙස නුවරඑළිය කොට්ඨාසයේ කාන්තා පොලිස් කොස්තාපල් 13288 දිසානායක නිලධාරිනියත් ඇගයීමට ලක්විය.

එමෙන්ම වයස අවුරුදු 50-54 අතර හොදම ක්‍රීඩිකාව කැලණිය කොට්ඨාසයේ කාන්තා උප පොලිස් පරීක්ෂක ඒකනායක නිලධාරිනියයි.

වයස අවුරුදු 35-39 අතර හොදම ක්‍රීඩකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල් 11758 තෙන්නකෝන් නිලධාරියායි. එම වයස් කාණ්ඩයේ හොදම මළල ක්‍රීඩිකාව ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 9502 මංගලිකා නිලධාරිනියයි.

වයස අවුරුදු 45-49 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 39931 ජී.එම්.සි සරත් කුමාර නිලධාරියායි. එම වයස් කාණ්ඩයේ හොදම මළල ක්‍රීඩිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 3301 කුමාරි නිලධාරිනියයි.

එම ජයග්‍රහණයන් සමඟ 55-59, 50-54, 45-49, 35-39 වයස් කාණ්ඩයේ, නවක මළල ක්‍රීඩක හා විවෘත මළල ක්‍රීඩා තරඟ කාණ්ඩයේ ශූරයින් ලෙස පොලිස් ක්‍රීඩකයින්ට ඉහළ ලකුණු ලබාගැනීමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website