සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රොටුබ අමිල’ ශ්‍රී ලංකාවට භාර දෙයි

සංවිධානාත්මක අපරාධ කටයුතුවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින ‘රොටුබ අමිල‘ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (20) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

44 හැවිරිදි සැකකරු මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දකුණු පළාතේ මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ‘රොටුබ අමිල’ අවශ්‍යව සිටින බව පොලිසිය පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුව ඔහු “අංගොඩ ලොක්කා” සහ “මාකඳුරේ මධුෂ්” යන පාතාල සාමාජිකයින් සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර 2024 ජූලි 8 වන දින “ක්ලබ් වසන්ත” ඝාතනයට ද සම්බන්ධ බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව, ඔහු 2016 අප්‍රේල් 29 වන දින මුල්ලේරියාව ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් පලා ගොස් විදේශගතව සිටි සැකකරු 2025 මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 2019 මාර්තු 28 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘මාකඳුරේ මධුෂ්’ විසින් පවත්වන ලද උපන්දින සාදයකදී අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී. 2023 මැයි 3 වන දින අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමෙන් පසු, ඔහු රුසියාවට පළා ගොස් ඇත.

 ශ්‍රී ලංකාවෙන් පලා ගොස් රුසියාවේ සිටි සැකකරු 2025 මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website