සිංහරාජයේ ජාන සම්පත් කොල්ලකෑ චීන ජාතිකයින් සිවු දෙනාට රු. මිලියන 76.4 දඩයක්

සිංහරාජ වන රක්ෂිතයේ ස්වාරක්ෂක කලාපයෙන් නීති විරෝධී ලෙස ආරක්ෂිත සතුන් 300 කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගැනීම, රැස් කිරීම සහ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 143කට වරද පිළිගත් චීන ජාතිකයන් සිව්දෙනෙකුට කලවාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) රුපියල් මිලියන 76.4ක දඩයක් නියම කළේය.

චීන ජාතිකයින් තිදෙනෙකු සහ එක් කාන්තාවක් පසුගිය නොවැම්බර් 9 වන දින වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගැනීමෙන් පසු චීන ජාතිකයන් සිව්දෙනා කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද (23) දක්වා රිමාන්ඩ් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website