එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංගගේ සේවය අහිමි වී තිබේ. පුහුණුවීම් අතරතුර පහළ කොන්ද ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් හසරංග යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
පසුගිය 22 වැනිදා පැවැති පළමු එක්දින තරගයට සූදානම් වෙමින් පැවැති පුහුණු සැසියකදී හසරංග මෙම ආබාධයට ලක්ව තිබේ. ඒ අනුව ඔහුට එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි බව කණ්ඩායම් කළමනාකාරීත්වය සඳහන් කර සිටියි.
ඒ අනුව එංගලන්තයේ සිට යළි දිවයිනට පැමිණෙන හසරංග, සිය ආබාධය සුවකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර වැඩසටහනට යොමුවීමට නියමිතය.















