පාකිස්ථානයට කඩුළු 08ක පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුළු 08ක පහසු ජයක් ලබා ගැනීමට අද (20) පාකිස්ථාන කණ්ඩායම සමත් වුණේය.

ඒ අනුව ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ ජයග්‍රහණය 1-0ක් ලෙස පාකිස්ථානය සතු විය.

කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායකයා පළමුවෙන්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළේය. පාකිස්ථාන වේග පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 98කට දැවී ගියහ.

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 98ක ඉලක්කය පහසුවෙන් හඹා ගිය පාකිස්ථානය පළමු ඉණිමේ දී ලකුණු 325ක් රැස් කළේය. සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 316කට දැවී ගිය අතර පාකිස්ථානයට ලකුණු 90ක පහසු ඉලක්කයක් ලබා දුන්නේය.

සිය දෙවැනි ඉණිමේ දී කඩුළු 2කට පාකිස්ථානය ලකුණු 90ක ඉලක්කය ජයගත් අතර තරඟාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website