ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනයට අද (19) තරඟය නිමා කරන විට කඩුළු 09කට ලකුණු 309ක් ලබා සිටියේය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් සිටී.
මිලින්ද රාජපක්ෂ නොදැවී ලකුණු 60ක් රැස් කරගෙන කඩුලේ රැඳී සිටින අතර අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණු 02ක් රැස් කරගෙන සිටී.
කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දීමට පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන වේග පන්දු යවන්නන්නේ දැඩි පීඩනය හමුවේ ලකුණු 98කට දැවී ගියේය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉණිමට ලකුණු 325ක් රැස් කළේය. හෙට තරඟයේ සිවුවැනි දිනයයි
















