සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්ථාන කණ්ඩායම අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (අද) නිමාවට පත්වන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03කට ලකුණු 74ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව විසින් පළමු ඉණිමේ ලබා දුන් ලකුණු 98ක ඉලක්කය පහසුවෙන් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉණිමේ දී ලකුණු 325ක් රැස් කළේය.
සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 18ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 24ක් රැස් කරමින් කඩුල්ලේ රැඳී සිටී.
හෙට (19) තරඟයේ තෙවැනි දිනයයි.
















