නීති විරෝධී උණ්ඩියල් හරහා රුපියල් කෝටියකට අධික මුදලක් උපයා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුදල් ගණුදෙනු ( උන්ඩියල් ක්‍රමයට) සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (18) දින සවස වේල්ලවීදිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.

එහිදි රුපියල් 10,467,000/= ක ( එක් කෝටි හාර ලක්ෂ හැට හත් දහසක් ) මුදලක් උපයාගැනීම සම්බන්ධව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ සහ ව්‍යාජ රුපියල් 1000/= නෝට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 19 ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website