අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සන්තකයේ තබා ගෙන සිටි 22 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට

බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේදී හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 ග්‍රෑම් 672 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 22 ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website