2016 දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා මාර්ගය අවහිර කරමින් මහජන කැළඹීමක් ඇති කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 21 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ මෙම නඩුව අද (13) කැඳවන ලද අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.ෙ
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, නඩුව සැප්තැම්බර් 21 වන දින නැවත කැඳවීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.













