ශිරන්ති රාජපක්ෂට ඇප

‘සිරිලිය සවිය’ ගිණුමෙන් මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (16) නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍ර්ත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මීට අමතරව රාජපක්ෂ මහත්මියට විදේශ ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවන ලද අතර විමර්ශනවල ප්‍රගති වාර්තාවක් 2026 දෙසැම්බර් 11 වන දින ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website