නිදහසේ පාද යාත්‍රවේ පැමිණි භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට ජනපති ලේකම්ගෙන් නිසි පිළිතුරක් නෑ

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ වාඩිලාගෙන විරෝධතාවක නිරත වන මහා සංඝරත්නය සමඟ අද (15) සවස සාකච්ඡා සඳහා පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙස භික්ෂූන් වහන්සේලා  ජනපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියහ.

ඒ සඳහා කොපමණ කාලයක් යනවාදැයි ප්‍රකාශ කරන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දිය නොහැකි බව ජනපති ලේකම්වරයා පැවසුවේය.

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා බලධාරීන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙන තුරු පිටව නොයන බව ප්‍රකාශ කර තිබේ.

අධික වර්ෂාව නොතකා භික්ෂූන් වහන්සේලා කොළඹට ළඟා වූ අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔවුන්ගේ විරෝධතාව දිගටම කරගෙන යති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website