අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීම – විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අනෝජන් සිවරාසා මහතාගේ නිදහස වෙනුවෙන් සිය කාලය සහ මුදල් වැය කර සෞදි අරාබියට ගොස් සුවිශාල කාර්යභාරයක් ඉටු කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයට සිය ස්තුතිය පළ කළ විපක්ෂ නායකවරයා  අනෝජන් සිවරාසා මහතාගේ නිදහස වෙනුවෙන් යම් පමණකින් හෝ දායක වීමට තමාට ද  හැකිවීම ද සතුටට කරුණක් බව ද කියයි.

මෙම කාර්යය වෙනුවෙන් කැපවූ සියලු නිලධාරීන්ට මෙන්ම සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ සෞදි අරාබියේ රජතුමාට ද අපගේ ගෞරවය හා ප්‍රණාමය හිමි වන බව ද විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website