ඤාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම අභියෝගයට ලක් කරන පෙත්සම් විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

බන්ධනාගාර ගත කරන ලද ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුව මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website