සෞදි ආරාබිය වෙත සංචාරය කිරීමට සැරසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් සෞදි අරාබිය වෙත පැමිණෙන සහ ආපසු යන ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බව ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (13) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

උම්රා වන්දනා චාරිකාවේ නිරත වීමට අපේක්ෂා කරන වන්දනාකරුවන් මේ පිළිබඳව අවධානය යොමු කරන කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටී.

උම්රා වන්දනාවේ නිරත විමට බලාපොරොත්තුවන පිරිස් සිය සංචාරක කටයුතු සැලසුම් කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසත් අදාළ උම්රා කණ්ඩායම් නියෝජිතයින් හෝ සංචාරක නියෝජිතයින් සමග සමීප සම්බන්ධතාවයකින් පසුවන ලෙසත් නිවේදනයේ සඳහන් වේ.

හදිසි අවස්ථාවකදී හෝ අනපේක්ෂිත තත්ත්වයකදී ක්‍රියාත්මක වීම සඳහා සුදුසු විකල්ප සංචාරක සැලසුම් තමන් සතුව පවතින බවට වන්දනාකරුවන් සහතික විය යුතු බව කොන්සල් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website