අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරයි

සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනෝජන් සිවරාසාට  මරණ දඬුවම නියම කළ තීන්දුව අවලංගු කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර නිකුත් කළ පණිවිඩයක සඳහන් වේ.

ඊයේ (13) දින සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ගෙන ඇත.

මෙය ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය උත්සාහයන් අනුගමනය කිරීමෙන් පසුව ගත් තීන්දුවක් ලෙස සැලකිය හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම සහයෝගීතාවය වෙනුවෙන් සෞදි අරාබි රජයේ සහ ශ්‍රී ලංකාතානාපතිවරයාට, විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නිලධාරීන්ට, ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට සහ ශ්‍රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම්වල කැපවූ උත්සාහයන් වෙනුවෙන්  සිය කෘතඥතාව පළ කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website