ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තුවේ.

වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ: සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය හෝ මද වශයෙන් රළු වියහැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website