හදිසි අවශ්යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්රියාත්මක කරන බව එම අමාත්යාංශය අද (15) නිකුත් කළ මාධ්ය නිවේදනයක සඳහන් වේ.
සේවාව ක්රියාත්මක වන දිනයන් වන්නේ,
- 2026 ඔක්තෝබර් 17 සෙනසුරාදා
- 2026 ඔක්තෝබර් 24 සෙනසුරාදා
- 2026 ඔක්තෝබර් 31 සෙනසුරාදා
වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා.
ස්ථානය: කොන්සියුලර් කටයුතු අංශයේ ප්රධාන කාර්යාලය, බත්තරමුල්ල
පූර්ව වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය බව විදේශ අමාත්යාංශය අවධාරණය කරයි.
පහත සබැඳිය ඔස්සේ e-Channeling පද්ධතිය හරහා වේලාව වෙන් කරවා ගත හැකිය.
වේලාව වෙන් කර ගැනීම සඳහා:
https://www.echannelling.com/ministry-of-foreign-affairs/H533
විශේෂ අවධානයට: මෙම විශේෂ සේවාව ලබා ගත හැක්කේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්රධාන කාර්යාලයෙන් පමණක් බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.











