
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්යාපන ආයතනය විසින් නිකුත් කළ ජාතික විෂය මාලා රාමුව පිලිබඳ දැනුවත් කිරීම සහ ජාතික විෂය මාලා රාමුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරත්න ස්වාමීන් වහන්සේ සහ අනුනායක නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහනේසේ වෙත පිළිගැන්වීම ඔක්තොබර් 15 දින අස්ගිරි මහා විහාරයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළාය.
2027 වසරේ සිට 2 ශ්රේණිය සහ 6ශ්රේණියට නව අධ්යාපන ප්රතිසංස්කරණ සිදු කිරීමත්, ගුරු පුහුණුව සහ නව බඳවා ගැනීම් නොවැම්බර් මාසයතුළ සිදු කිරිමට සැළසුම් කර ඇති බවත් අග්රාමාත්යතුමිය මෙහිදී පැවසීය.
අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අග්රාමාත්යතුමිය, මල්වතු පාර්ෂවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ වෙත සහ අනු නායක නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ වෙත සංශෝධිත ජාතික විෂය මාලා රාමුව පිළිගැන්වීම සිදු කළාය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර වෛද්ය සුරංග ප්රනාන්දු, නගරාධිපති, උපනගරාධිපති ඇතුළු පිරිසක් සහභාගී වූහ.














