ජනාධිපති අරමුදලින් 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම උතුරින් ඇරඹේ

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ පළමු වැඩසටහන ඊ (26) පෙරවරුවේ කිලිනොච්චියේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වය යටතේ ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස 2025 වර්ෂයේදී ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කරන ලදී. එහිදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් දසදෙනෙකු බැගින් ඇගයීමට ලක් කළ අතර, මෙවර එම සංඛ්‍යාව සිසුන් විසිදෙනෙකු දක්වා ඉහළ නැංවීම විශේෂත්වයකි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිසුන් 3,000කට ආසන්න පිරිසක් මෙවර ඇගයීමට ලක් කෙරෙන අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමීමට නියමිතය.

ඒ අනුව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක 05හි විෂයධාරා 06 යටතේ පළවන ස්ථානයේ සිට විසිවන ස්ථානය දක්වා ලබාගත් සිසුන් 480 දෙනෙකු මෙහිදි ඇගයීමට ලක් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website