පොළොන්නරුව වකුගඩු රෝහල තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

2026.09.26 දින අළුයම පොලොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි විශාල පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවට පොලොන්නරුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, පිපිරීමෙන් තුවාල ලැබූ පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් හත්දෙනාගෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 36 ක් වූ හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.‍

මේ හේතුවෙන් පොලොන්නරුව වකුගඩු රෝහලේ ගොඩනැගිලි සහ අනෙකුත් දේපළ වලට විශාල අලාභයක් සිදුව ඇත. මෙය ගෑස් කාන්දුවකින් ඇති වූ පිපිරීමක් බවට පොලිසිය සැකකරනු ලබන අතර පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website