ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව සම්මුඛ පරීක්ෂණ කල් යයි – නිල නිවේදනය මෙන්න

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි 2026.11.20 දින පැවැත්වීමට සැලසුම් කරන ලද සම්මුඛ පරීක්ෂණ පමණක් නොවැලැක්විය හැකි හේතුවක් මත පහත පරිදි කල්දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා අද (19) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

එම නිල නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි 2026.11.20 දින පැවැත්වීමට සැලසුම් කරන ලද සම්මුඛ පරීක්ෂණ පමණක් නොවැලැක්විය හැකි හේතුවක් මත පහත පරිදි කල්දමන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

  • පළාත – නව දිනය
  • බස්නාහිර – 2026.11.29
  • උතුර – 2026.11.28
  • වයඔ – 2026.11.29
  • මධ්‍යම – 2026.12.01
  • ඌව – 2026.11.26
  • දකුණ – 2026.11.28
  • නැගෙනහිර – 2026.11.28
  • සබරගමුව – 2026.11.28
  • උතුර මැද – 2026.11.26

තවද එකී පළාත් හි 2026.11.21 දින සිට ඉදිරියට පැවැත්වීමට සැලසුම් කළ සම්මුඛ පරීක්ෂණ පූර්ව සැලසුම් කළ පරිදිම පැවැත්වේ.

තවද, සම්මුඛ පරීක්ෂණවලට අදාළව කැඳවීම් ලිපිය සමඟ යොමු කළ නිවේදනය අනුව පාසල් සඳහා මානාපය පළ කිරීම සඳහා තොරතුරු ඇතුළත් කිරීමේ මාර්ගගත පද්ධතිය මේ වන විට සකස් කර ඇත. එයට 2026.11.19 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ Teacher Recruitment Application System ප්‍රදර්ශනය කරනු ලබයි. ඔබ වෙත පෙර දැනුම් දුන් පරිදි 2026.11.19 දිනෙන් මෙම මාර්.ග ගත පද්ධතිය අවලංගු නොවේ.එය වෙත පිවිසීමට අයදුම්කරුට තමා සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන දින රාත්‍රී 8.00 දක්වා අවස්ථාව පවතී.

ඔබට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලිපිය සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන දින වනවිටත් ලැබී නොමැති නම් මෙම වෙබ් අඩවියෙහි 2026.10.30 දින ප්‍රදර්ශනය කරන ලද නාම ලේඛනයේ ඔබගේ නම ඇතුළත් පිටුවෙහි පිටපතක් සමග තම අනන්‍යතාවය තහවුරු කරන ලේඛන සමග සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පවතින Waiting Room වෙත තමා සම්මුඛ පරීක්ෂණයට කැඳවූ දිනයේ උදෑසනින් පැමිණෙන ලෙසත්, එහිදී මාර්.ග ගත පද්ධතිය පිවිසීමට අදාළ අවසර ලබා ගැනීමට උදෑසන 8.00 සිට කටයුතු සලසා ඇත.

ඒ අනුව ලබා දෙන ලද උපදෙස් පරිදි මාර්ගගත පද්ධතියට පිවිසෙන අතරතුර, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට හැකිය. එවැනි අයදුම්කරුවන්ට සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයට ද ඉදිරිපත් වූ පසු, සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පවතින Waiting Room වෙත එදිනම රාත්‍රී 8 දක්වා පැමිණ පාසල් මනාප පළ කළ ලේඛන මුද්‍රණය කර භාරදීමටද පහසුකම් සලසා ඇති බවද දන්වා සිටිමි.

මෙම කටයුතු හේතුවෙන් අයදුම්කරුවන් හට සිදුවී ඇති අපහසුතාව පිළිබදව කණගාටුව ප්‍රකාශ කරමි.

නාලක කලුවැව

ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website