දිවයිනේ විවිධ පළාත්වල පිහිටි පාසල්වල මේ වන විට ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කරන ගුරුවරුන් 4,700 දෙනෙකු ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 06/2282/229/085-II අනුව මෙම බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. උදුමාලෙබ්බේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගුරු සහායකයින් ලෙස බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වලට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති ස්වේච්ඡා ගුරුවරුන් 4,700 දෙනාගෙන් 462 දෙනෙකු උතුරු සහ නැගෙනහිර පළාත් වලට පත් කිරීමට අනුමැතිය ලබා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. නැවත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















