විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ ධීවර නිලධාරීන් දැනුවත් කෙරුණු දෙසතියක වැඩමුළුවක් කළුතර පොලිස් විද්‍යාලයේ නිලධාරීන් විසින් එම විද්‍යාලයේදී පවත්වන ලදී.
ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ ඉල්ලීමක් පරිදි පවත්වන ලද එම වැඩමුළුව සාර්ථක ලෙස හදාරන ලද ධීවර නිලධරයන් වෙත සහතික ප්‍රධානය කිරීමේ සමාප්ති උත්සවය 2026.11.14 වන දින ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර පොලිස් විද්‍යාලයේදී පැවැත්වුනි.
සහතික ප්‍රධානෝත්සවය සඳහා බඳවා ගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විමර්ෂන හා පුහුණු එල්.ජී.ආර්. ඉසුරානී මහත්මිය, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල මහතා ඇතුළු එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.














