ගෑස් මිල ඉහළ දැමීමට හේතු විමසන්න ලාෆ්ස් ගෑස් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කැඳවයි

පසුගිය 13 වැනිදා මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද (16) පාරිභෝගික කටයුතු අධිකාරියට කැඳවා තිබුණේය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබා දීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් පිරිසක් අද (16) පෙ.ව. 10.00 ට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණ තිබුණේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාම මෙන්ම නැව්ගත කිරීමේ සහ රක්ෂණ වියදම් ඉහළ යාම හේතුවෙන් රටට ගෑස් තොග ලබා ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව ලාෆ්ස් ගෑස් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 

2026 නොවැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සිය දේශීය ගෑස් මිල ගණන් ඉහළ දැමීය. ඒ අනුව, මීට පෙර රුපියල් 4,965 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් වැඩි කර රුපියල් 6,740ක් විය. මේ අතර, කිලෝග්‍රෑම් 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් වැඩි කරන ලද අතර, එය රුපියල් 1,988 සිට රුපියල් 2,720 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website