කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත අද (16) දින අළුයම වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 336 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 328ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් ද වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 384 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 30, 35 හා 46 වයස්වල පසුවන මාතලේ, නැඳුන්කේණී හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website