නාරිගම වෙරළ තීරයේ දියනෑමට ගිය ජර්මන් ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

හික්කඩුව පොලිස් වසමේ නාරිගම වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවටත්, ප්‍රදේශවාසීන් විසින් දියේ ගිලුණු විදේශ ජාතිකයා ගොඩ බිමට රැගෙනවිත් බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවටත් ඊයේ (15) සවස් කාලයේ ලද පණිවිඩයක් මත හික්කඩුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 71 ක්වූ ජර්මන් ජාතිකයෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website