ටිපර් රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

ගිරිඋල්ල පොලිස් වසමේ ගිරිඋල්ල මීගමුව මාර්ගයේ පහල නාරංගමුව ප්‍රදේශයේදී ඊයේ (15) දින රාත්‍රී ටිපර් රථයක් ප්‍රධාන මාර්ගයට ගැනීම සඳහා පිටුපසට ධාවනය කරමින් සිටියදී ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය කල යතුරුපැදියක් ලොරි රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇත.

මරණකරු අවුරුදු 29 ක් වූ යෝගියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website