පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලද ලාෆ්ස් ගෑස් මිල ගණන් යළි පහත දැමීමට එම සමාගම ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කර ඇති අතර කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි.
















