නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන් අද (19) සිට දිවයින පුරා පාසල්වලදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසල්වල ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම මෙන් ම, ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේද හඳුන්වාදීමයි.
ඒ සඳහා අවශ්‍ය සියලු ඉගෙනුම් ආධාරක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලු විදුහල්පතිවරුන් වෙත ලබා දීමට ද කටයුතු කර තිබේ.















