ක්‍රිෂ් නඩුව: නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 23 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වනදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මේ අතර සැකකාර ජානකී සිරිවර්ධන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website