2023.08.31 වන දින යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින්, රුපියල් මිලියන 15 ක මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ලොරි රථයක් සමඟ පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන කෝපායි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී යාපනය, මාදගල් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන ඉහත එක් සැකකරුවෙකු විසින් මත්ද්රව්ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදල් යොදවා මාදගල් ප්රදේශයේ ඉදිකර ඇති රුපියල් කෝටි 07 කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇත.
තවද, විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඉහත සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් මේ වන විට යාපනය අධිකරණය භාරයේ පවතින රුපියල් මිලියන 15 ක මුදල සම්බන්ධයෙන් ද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව ඉහත රුපියල් මිලියන 15 ක මුදල සහ රුපියල් මිලියන 70 ක පමණ වටිනාකමකින් යුත් දෙමහල් නිවස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්රකාරව 2026.10.15 දින සිට දින 14 ක කාලයක් සඳහා ක්රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.















