කිංචිගුණේ ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ පතරොම් 06ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්‍රදේශයේදී වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පිස්තෝල අවියක් හා එම පතරොම් 06 ක් සමග සැකකරුවෙකු ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 35 ක් වන කිංචිගුණේ, මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වීරකැටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website