රුපියල් 10,000ක මුදලක් ඉල්ලා, ලබාගැනීම යන අල්ලස් චෝදනා මත, වැල්ලවාය අඩවි වන කාර්යාලයේ වන ක්ෂේත්ර සහකාරවරවයකු අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු විසින් හේන් වගා කරන දේවාලමංකඩ ප්රදේශයේ පිහිටි අක්කර තුනක පමණ රජයේ ඉඩමේ අනවසරයෙන් ගසේ කපා වගාකිරීම සම්බන්ධව නඩු පැවරීමකින් තොරාව දිගටම හේන් වගා කටයුතු කරගෙන යාමට කටයුතු කර දීමට අවස්ථාව කිහිපයක දී මුදල් ලබාගෙන, පසුව නැවත ඉහත කටයුතුකර දීම සදහා මාසිකව රුපියල් රු.10,000/- බැගින් ඉල්ලා ලබාගෙන 2026 ඔක්තෝබර් මාසය සදහා රු.10,000/- ක මුදලක් අල්ලස් ඉල්ලා ලබා ගැනීම යන චෝදනාව මත වැල්ලවාය අඩවිවන කාර්යාලහේ (බුත්තතල බීට්ටු වන කාර්යාලය) වන ක්ෂේත්ර සහකාරවරයකු වූ හේවා ලුණුවිලගේ සනත්ත කුමාර යන අය 2026/10/08 වන දින ප.ව.7.39ට පමණ බුත්තතල බස් නැවතුම්පොළේ දී අල්ලස් හෝ දූෂණ හ චෝදනා විමර්ශන කොමිශන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්රධාන මහ මහේස්ත්රාත් අධිකරණය වෙත කිරීමට නියමිත ය.













