මිත්‍ර ශක්ති – XII’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් සමාප්ති සංදර්ශනය (Final Validation Demonstration) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව එක්ව පසුගිය 26 වන දින මදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සාර්ථකව පවත්වා නිම කළේය.
දෙරට අතර පවත්වනු ලබන මෙම ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම සංදර්ශනය තුළින්, අභ්‍යාස කාලසීමාව පුරා ඒකාබද්ධ භට පිරිස් විසින් අත්පත් කරගත් ඉහළ මට්ටමේ මෙහෙයුම් සූදානම, උපායමාර්ගික ඒකාග්‍රතාවය සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මැනවින් තහවුරු විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය. මෙම උපායමාර්ගික යුද අභ්‍යාස නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, සහකාර ආරක්ෂක උපදේශක ඇතුළු අභ්‍යාස නිරීක්ෂකයින් තිදෙනෙකු ද එක්ව සිටියහ.













