2025.02.08 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී උණ්ඩ 30ක් සහිත ටී-56 අවියක් සොරකම් කර, එම අවිය සහ උණ්ඩ සංවිධානාත්මක අපරාධ කල්ලියක් වෙත අලෙවි කර මෙරටින් පළාගොස් සැඟවි සිටියදී අත්අඩංගුවට පත්වූ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයෙන් මෙරට රැගෙන එන ලදී.
අද (26) උදෑසන ඔහුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කිරීම මගින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ මෙම සැකකරු වයස අවුරුදු 26ක් වන හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකි.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.















