මේ මොහොතේ ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජන ගණන හෝ ඇතැම් වෘත්තීය සමිති විසින් කරන ලද ඉල්ලීම් කුමක් වුවත් අසාධාරණ ඉල්ලීම්වලට විසඳුම් ලබා දිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
අද (26) කොළඹ පැවති ‘අයවැය සහ වැඩ කරන ජනතාව -වෘත්තීය සමිති නියෝජිත හමුව’ යන තේමාව යටතේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
රට හොඳ මූල්‍ය විනයකින් පාලනය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, රජයේ ආදායම රුපියල් බිලියන 6,230ක් වන අතර වැටුප් හා ණය ආපසු ගෙවීම් ඇතුළුව වියදම් රුපියල් බිලියන 7,035ක් බවත් පෙන්වා දුන්නේය.
රජය උපයන ආදායම වැටුප් හා ණය ආපසු ගෙවීම් සඳහා පවා ප්‍රමාණවත් නොවන බැවින්, පරතරය පියවා ගැනීම සඳහා රජයට රුපියල් බිලියන 805ක් ණයට ගැනීමට සිදු වී ඇති බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
උපයන විට ගෙවීමේ බද්ද (PAYE) පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මාසික ආදායම රුපියල් 162,500 ඉක්මවන විට බදු අය කරන බවත්, රුපියල් 433,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු 36%ක බදු අනුපාතයකට යටත් වන බවත්ය.
“ඉදිරි අයවැයේදී මෙම බදු සීමාව තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. එය රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි” ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.













