ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග හා නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සහ සහකාර අමාත්‍ය යුකිකෝ ඔකානෝ (Ms. Yukiko Okano) මහත්මිය අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටටම වැදගත් වන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
2027 වසරේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීම නිමිත්තෙන්, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය මත පදනම් වූ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විස්තීර්ණ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.
















