උප වැඩසටහන් දෙකකින් සමන්විත අන්තර්ග්රහණයක් සහිත ප්‍රතිසාධනයක් සඳහා ඔරොත්තු දීමේ සහ අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ ආංශික සංවර්ධන වැඩසටහන (උප වැඩසටහන 01) ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා පවත්වන ලදී.
උප වැඩසටහන 1 මඟින් ප්‍රතිසංස්කරණ සඳහා පදනම සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම සිදු කෙරේ. උප වැඩසටහන 1 යටතේ එකඟ වූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර තහවුරු කිරීම සඳහා උප වැඩසටහන 2 සැලසුම් කර ඇත.
ඒ අනුව, සමාජ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, ආර්ථික හා ජීවනෝපාය අවස්ථා පුළුල් කිරීම සහ විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පවුල් හා වැඩිහිටි පුද්ගලයන් සඳහා සමාජ සත්කාර සේවා වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව, අන්තර්ගතබව සහ යහපැවැත්ම ඉහළ නැංවීම උප වැඩසටහන 01 හි අරමුණ වේ.
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජය, ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් සපයනු ලබන ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ප්‍රතිපත්ති පාදක ණයක් සහ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ආයෝජන ණයක් යන කොටස් දෙකෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාව සිය ආර්ථික ප්‍රකෘතිය තහවුරු කරමින් සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන මෙවන් අවස්ථාවක, රටේ සමාජ ආරක්ෂණ හා සමාජ සත්කාර පද්ධති ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවලට සහාය ලබා දීම මඟින් ප්‍රතිපත්ති පාදක ණය වැදගත් අයවැය සහායක් සපයනු ඇත.
ආයෝජන ණය මඟින් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ අවදානමට ලක්විය හැකි ගෘහ ඒකක සහ වැඩිහිටි පුද්ගලයින් වෙත ප්රත්යක්ෂ ප්රතිලාභ ලබා දීමට අවශ්‍ය ආයෝජන සපයනු ලැබේ. මේ යටතේ සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ උතුරු පළාත්වල වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන පහක් (05) පිහිටුවනු ලැබේ. මීට අමතරව අන්ත දුගී, දුගී සහ අවදානමට ලක්විය හැකි ගෘහ ඒකක ආසන්න වශයෙන් 30,000ක් සඳහා මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහාය පැකේජයක් ලබා දෙනු ලැබේ. එයට (i) ඵලදායී ආයෝජනය සඳහා රු. 200,000ක ජීවනෝපාය මූලික ප්‍රාග්ධන ප්‍රදානයක්; (ii) තෝරාගත් ජීවනෝපාය මාර්ගවලට ගැලපෙන තාක්ෂණික, රැකියා සහ ව්‍යාපාරික කුසලතා පුහුණුව; (iii) වෙළඳපොළ, මූල්‍ය සේවා සහ රැකියා අවස්ථා වෙත ප්‍රවේශය පහසු කිරීම; සහ (iv) සහභාගිකයින්ගේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ මනෝසමාජීය සහාය, ජීවන කුසලතා පුහුණුව සහ මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් වේ.
මෙම වැඩසටහනේ විධායක ආයතනය ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය කටයුතු කරන අතර, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ආයතන ලෙස කටයුතු කරයි.
ඒ අනුව, ඉහත මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා වූ ණය ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින්ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා, ෂැනන් කව්ලින් මහත්මිය විසින්ද 2026 නොවැම්බර් මස 23 වන දින කොළඹ මහ භාණ්ඩාගාර පරිශ්‍රයේ දී අත්සන් තබන ලදී.















