ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය සහ ජනපති ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්විණි.

කඳුරට හින්දු පූජකවරුන් සහ මලෙයිගම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

හින්දු ආගමික ආයතන සහ පූජකවරුන් නියාමනයට අදාලව නීති පද්ධතියක් සකස් කළ යුතු බවට ඉල්ලීමක් කළ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය ඒ සඳහා වූ යෝජනාවලියක්ද මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.

හින්දු ආගමික පනත් කෙටුම්පත සකස් කිරිමේ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරුණු අතර එ් සඳහා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය සම්බන්ධ කරගැනීම පිළිබඳව මෙන්ම හින්දු අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වන අග්‍රහාරම් ආයතනයක් ඉදිකිරිම සඳහා කඳුරටින් ඉඩමක් ලබාගැනීම පිළිබඳවද අවධානය යොමු විය.

හින්දු පූජකවරුන්ට තමන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳවත්, කෝවිල් ප්‍රතිසංස්කරණයට ජනාධිපති අරමුදලෙන් ප්‍රතිපාදන ලබාදීම පිළිබඳවත් කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය මෙහිදී ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව සහ ඒ වෙනුවෙන් රජයෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීමට රජය ගෙන යන වැඩපිළිවෙලද මෙහිදී කඳුරට හින්දු පූජකවරුන්ගේ ඇගයීමට ලක් වූ අතර, ඒ සඳහා ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම, ඉදිරියේදී තම සංගමය මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමටද අපේක්ෂා කරන බව කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය මෙහිදි සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website