මාළිමාවට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය පරාජයට පත් වී තිබේ. අයවැයට පක්ෂව ඡන්ද 9ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබුණේය.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ගුණසේන මහතා විසින් 2027 වර්ෂය සඳහා වන අයවැය අද (25) පළමු වරට සභාවට ඉදිරිපත් කරනු ලැබුවේය.

කොළොන්න ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය ද මේ ආකාරයෙන්ම පසුගිය වසරේ දී පරාජයට පත්වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website