කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලෙස බඳවාගන්නා ලද ආධුනික නිලධාරිනියන් 257 දෙනෙකු මූලික පුහුණුවට සූදානම්

2026.11.23 වන දින ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් නිලයට ආධුනික නිලධාරිනියන් 257 දෙනෙකු බඳවාගන්නා ලදී.

මූලික පොලිස් පුහුණුව සඳහා එම ආධුනික නිලධාරිනියන් පිරිස එදින නිකවැරටිය පොලිස් විද්‍යාලය වෙත ඇතුලත්කරගත් අතර විශිෂ්ඨ පොලිස් නිලධාරිනියක් ලෙස අනාගතයේදී රට දැයට සේවය කිරීම සදහා ඔවුනට අවශ්‍ය න්‍යායික දැනුම සහ ප්‍රායෝගික දැනුම ඉදිරි මාස 06ක පමණ පුහුණු කාළය තුළ නිකවැරටිය පොලිස් විද්‍යාලය මගින් ලබා දීමට නියමිතයි.

නීතිය, ප්‍රායෝගික පොලිස් රාජකාරි, ශාරීරික යෝග්‍යතාව, ආපදා කළමනාකරණය, මහජන සම්බන්ධතා, නායකත්ව හා පෞරුෂත්ව වර්ධන, වෙඩි පුහුණුව ඇතුළු විෂයන් ගණනාවක් පුහුණු කාලය තුළ නියමිත කාළ සටහහනකට අනුව ඉගැන්වීමට පොලිස් විද්‍යාලය තුළ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.

ආධුනික නිලධාරිනියන්ගේ සෞඛ්‍ය සහ සුබ සාධනය පිළිබඳව විද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය විසින් සමීපව අධීක්ෂණය කරනු ලබන අතර පොලිස් කොස්තාපල් නිලයට හිමිවන රජයේ මාසික වැටුප පොලිස් විද්‍යාලයට ඇතුලත් වූ දින සිට ඉදිරියට මාසිකව ඔවුනට හිමිවේ.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නිලධාරි නියෝජනය තවදුරටත් ශක්තිමත් කිරීම මගින් මෙරට කාන්තාවන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වළක්වා ගැනීමට උපදේශන සේවා ශක්තිමත් කිරීම වැනි රාජකාරින් සදහා පුමුඛතාවය ලබාදීම අපේක්ෂාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website