ඊයේ (08) අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙට්ට්‍රො වර්ගයේ බස් රථයක ගැටී තිබෙන පුද්ගලික බස් රථය නිසි ආකාරයෙන් නඩත්තු නොකළ බස් රථයක් බව නිර්දේශ කරමින් මෝටර් රථ පරීක්ෂක විසින් තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (09) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එම නිවේදනය පහත පළ වේ.
ඊයේ (08) අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙට්ට්‍රො වර්ගයේ බස් රථයක ගැටී තිබෙන පුද්ගලික බස් රථය අතුරුගිරිය පොලිස් ස්ථානය විසින් මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී එම බස් රථය නිසි ආකාරයෙන් නඩත්තු නොකළ බස් රථයක් බව නිර්දේශ කරමින් මෝටර් රථ පරීක්ෂක විසින් තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
අතුරුගිරිය-පිටකොටුව මාර්ගයේ ගමන්ගන්නා මෙම පුද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පලේ නැවැත්වීම ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි – පිටකොටුව මාරගයේ ගමන්ගන්නා බස් රථයේ ගැටී තිබෙන අතර සිදුකෙරෙන විමර්ශනයට අනුව අනතුරට ලක්වන ආකාරය නිරීක්ණය වන CCTV දර්ශන ලබාගෙන කඩුවෙල ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට අතුරුගිරිය පොලිස් ස්ථානය 2026.10.09 වන අද දින කටයුතු කරයි.
අදාළ බස්රථ රියදුරන් දෙදෙනා මත්ද්‍රව්‍ය පරීක්ෂණය සඳහාද යොමුකර ඇති අතර පරීක්ෂණ වාර්තා අනුව කිසිදු රියදුරෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බව තහවුරු වී තිබේ.














