කොල්ලුපිටිය පොලිස් වසමේ හෝටලයක් තුල හා සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් තුළ දී ඊයේ (12) සවස කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත මෙහෙයුමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 01 ක්, ග්‍රෑම් 12, ග්‍රෑම් 20 සහ ග්‍රෑම් 16 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 23 හා 48 වයස්වල හා සැකකාරියන් අවුරුදු 43 හා 52 වයස්වල පසුවන ජැමෙයිකානු ජාතිකයින් වේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















